අම්බලන්ගොඩ වෙළෙඳසැල් 3ක් ගිනිගනී

මැයි 26, 2020

    අම්බලන්ගොඩ මහා විදියේ වෙළඳ සැල් 3ක අද (26) අලුයම ගින්නක් හට ගැනිණ.

    ගාල්ල ගිනි නිවන එක්කය මැදිහත්ව උදැසන 5.30 පමණ වන විට ගින්න මුළුමනින්ම නිවා දැමීය.

    අම්බලන්ගොඩ මහා විදියේ විදුලි උපකරන අලෙවි සැලක ගින්න හට ගැනුණ අතර යාබද රෙදි අලෙවිසැලක් සහ සුපිරි වෙලඳ සැලකට ද ගින්න පැතිර ගොස් තිබේ.

    ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලීසිය සිදු කෙරේ.

    Latest News