වන රක්ෂිතයේ දැව ජාවාරමක් හෙළිවේ

මැයි 25, 2020

    තබ්බෝව අභය භුමියට අයත් විරක්කොඩිචෝලේයි රක්ෂිත වනාන්තරය වනසමින් දැව ජාවාරමේ නිරතවි සිටි තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 10 කට ආසන්න දැව තොගයක් ඇතුළු උපකරණ රැසක් කරුවලගස්වැව පොලිසියේ නිලධාරින් අද ( 24 ) අත්අඩංගුවට ගත් බව පවසයි. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් විරක්කොඩිචෝල රක්ෂීත වනාන්තරයට යාබද පිහිටි පහරිය ගම්මානයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

    පවතින ඇදිරිනීතිය ප්‍රයෝජනයට ගනිමින් දැව ජාවාරම් කරුවන් යාන්ත්‍රික කියත් සවිකළ අත්ට්‍රැක්ටර් වනාන්තරයට රහසේ රැගෙන විත් දැව සංහාරය සිදු කරන බව වාර්තාවේ.

    තබ්බෝව අභය භුමියට අයත් විරක්කොඩිචෝල රක්ෂීතය හෙක්ටයාර් 22,764 ක භුමි ප්‍රමානයකින් සමන්විත වෙයි .

    කරුවලගස්වැව , සාලියවැව හා වනාතවිල්ලුව පොලිස් වසම් තුනකට මැදිව ඇති තබ්බෝව අභය භුමියට අයතමෙම රක්ෂීත වනාන්තරය දිගින් දිගටම වන අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති වනාන්තරයක් බව වාර්තාවේ.

    දැව ජාවාරම් කරුවන් වනාත්තරය තුළ ඇති අවුරුදු 200 කට වඩා පැරණී දැවැන්ත පළු වෘක්ෂයන් සේම විර ඇතුළු වෙනත් වෘක්ෂයන්ද යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් බිම හෙලා දැව ඉරිම සිදුකරන බව පොලිස් නිළධාරින් පවසයි. ඒ සමගම වනාන්තරය තුලට වාහන ගමන් කිරිමට හැකිවන ලෙස වනය වනසමින් මාර්ග ද සකසා ගෙන තිබු බව පොලිසිය පවසයි.

    මෙසේ වනාන්තරයෙන් ඉරන ලද දැව රහසිගත ලෙස පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට රැගෙන යාම සිදු කර ඇති බවද අනාවරණය වී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Last modified on සදුදා, 25 මැයි 2020 16:29

    Latest News