ඇඳිරිනීතය හෙට අලුයම 5ට ඉවත් කිරීමට නියමිතයි (වීඩියෝ)

මැයි 25, 2020
  • දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතය හෙට(26) අලුයම 5ට ඉවත් කිරීමට නියමිතයි.

    හෙට සිට සෑම දිස්ත්‍රික්කයකම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා පමණයි.

    හෙට ඇඳිරිනීතිය ඉවත්‌ කිරීමත්‌ සමඟ රාජකාරී සඳහා සිට කොළඹට පැමිණෙන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත්‌ ලෙස සැපයීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්තික්ක හැර අනෙකුත්‌ දිස්ත්‍රික්කවල අන්තර් පළාත්‌ බස්රථ සේවා හෙට දින සිට ක්‍රියාත්මකයි. කොළඹ - නුවර පාරේ පැමිණෙන අන්තර්‌ පළාත්‌ බස්රථ ධාවනය කෙරෙන්නේ නිට්ටඹුව දක්වා පමණයි. අංක 05 පාරේ පැමිණෙන අන්නර් පළාත්‌ බස්රථ මිනුවන්ගොඩ දක්වා ධාවනය වනු ඇති. ගාලු පාරේ පැමිණෙන බස්රථ පානදුර දක්වා ද හයිලෙවල්‌ හා ලොලෙවල්‌ මාර්ගවල පැමිණෙන අන්නර පළාත්‌ බස්රථ අව්ස්සාවේල්ල දක්වා ද ධාවනය කෙරෙනවා. අනුරාධපුර, පුත්තලම හා කුලියාපිටිය සිට මීගමුව පාරෙන්‌ කොළඹට පැමිණෙන බස්රථ මීගමුවෙන්‌ නතර කළ යුතුයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය කෙරෙන්නේ, කොට්ටාව දක්වා පමණයි. බස්රථ ධාවනය පෙරවරු 4.30 ට ආරම්භ කරන අතර පස්වරු 6.00ට අවසන්‌ කිරීමට නියමිතයි. දුම්රියෙන්‌ ගමන්‌ කරන මගීන්ට කොළඹට පැමිණීම සඳහා දුම්රිය 27ක්‌ යොදවා ඇති බවයි, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන්‌ කරන්නේ.

    Last modified on සදුදා, 25 මැයි 2020 20:24

    Latest News