සංචරණ සීමා ලිහිල් කෙරේ

ජූනි 25, 2021

    දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරුණි.

    සංචරණ සීමා ලිහිල් කෙරුණ ද ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    කොවිඩ් -19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා මාසයකට ආසන්න කාලයක් සංචරණ සීමා පනවා තිබු අතර එම සීමා පසුගිය 21 වන දින අලුයම 4.00ට ඉවත් කෙරුණි.

    සංචරණ සීමා ඉවත් කිරීම සිදුකළ ද බස්නාහිර පළාත තුළ විශේෂ සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    මේ අතර පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    සංචරණ සීමා අද අලුයම 4 සිට ඉවත් කෙරුණ ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද පැවසීය.

    Latest News