පැමිණීමට නොහැකිව සිටි රුසියාවේ තවත් කණ්ඩායමක් දිවයිනට

මැයි 25, 2020

    ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ඔවුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දින අලුයම 5.30ට පමණ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    රුසියාවේ සිට පැමිණි දෙවන කණ්ඩායම මේ පිරිසයි.

    මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් විසින් රැගෙන ආ බඩුබාහිරාදිය ද ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජ හරණය කිරීමට ලක් කරනු ලැබිණි.

    ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථවල නංවා ගෙන එම මධ්‍යස්ථාන කරා රැගෙන යෑමට පියවර ගනු ලැබිණි.

    Latest News