ඊයේ හඳුනාගත් ආසාදිතයා කුවේට් වලින් පැමිණි අයෙක්

මැයි 21, 2020

    ඊයේ (20) රාත්‍රී 10.15 වන විට වාර්තා වූ කොරෝනා ආසාදිත පුද්ගලයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

    ඊයේ දිනය තුළ පමණක් කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකීකයින් 500 කට අධික ප්‍රමාණයක් දිවයිනට පැමිණි ඇත.

    ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1028 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 15 දෙනක් ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුව වූසමස්ත පුද්ගලයින් ගණන 584 දක්වා වැඩි විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මැයි 2020 10:11

    Latest News