පළාත් කීපයකට අදත් තද වැසි

මැයි 21, 2020

    දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඇතැම් ස්ථානවලට විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර , කෑගල්ල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමිටර 50 ට වැඩි තරමක වැසි ඇති විය හැකිය.

    දිවයින හරහා හමා යන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 40 ට වැඩි විය හැකියි.

    ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ජනතාවට දැනුම් දීමක් කරනු ලබයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මැයි 2020 10:17

    Latest News