මෙරට සීනි අවශ්‍යතා මෙරටදීම නිපදවීමට පියවර

මැයි 17, 2020

    මෙරට සීනි පරිභෝජනයට අවශ්‍ය නිෂ්පාදනය මෙරටදී නිපදවීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික ආධාර සපයන්නේ ද රජයයි.

    සෙවනගල සීනි කර්මාන්ත ශාලාවෙන්‌ මේ‌ වසරේ දෙවන නිෂ්පාදන ක්‍රියාවලියේදී නිපදවීමට අපේක්ෂිත සීනි ප්‍රමාණය මෙට්‍රික්‌ ටොන්‌ 20,000කි. උක්‌ බිම්‌ හෙක්ටයාර 3,550ක උක්‌ අස්වැන්නක්‌ ඒ සඳහා යොදා ගැනේ. මේවන විට කම්හලෙන්‌ වෙළඳපොලට නිකුත් කළ සීනි ප්‍රමාණය මෙට්‍රික්‌ ටොන්‌ 6000කි. ගොවීන්ට, උක්‌ ටොන්‌ එකක්‌ සඳහා ගෙවන මුදල රුපියල් 5,500කි. කම්හල්‌ සේවකයෙකුට ජීවන වියදම්‌ දීමනාව වශයෙන්‌ රුපියල්‌ 3,900ක්‌ ද ගෙවන බව පාලනාධිකාරය පවසයි. සීනි නිෂ්පාදනයට අමතරව ඇල්කොහොල්‌ ලීටර ලක්ෂ 45ක්‌ කම්හලේ නිෂ්පාදනය කෙරේ. ඇල්කොහොල්‌ මිශ්‍ර විෂබීජනාශක දියර ලීටර ලක්ෂයක්‌ ද නිපදවන බව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිර්ති පතිරණගේ මහතා ප්‍රකාශ කළේය. නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹීමත්‌ සමග උක්‌ ගොවීන්‌ විසි පන්දහසහට සෙත සැලසේ.

    මේ අතර ගල්‌ ඔය සීනි සමාගම ද යළි සීනි නිෂ්පාදනය ආරම්භ කර තිබේ. නියමිත සෞඛ්‍ය පිලිවෙත අනුගමනය කරමින් 1000කට වැඩි සේවක සංඛ්‍යාවක් එහි සේවයේ නිරතව සිටිති. මෙම ඇඹරුම්‌ වාරයේදී නිෂ්පාදනය කිරීමට නියමිත සීනි ප්‍රමාණය මෙට්‍රික්‌ ටොන්‌ 30,000කි. කම්හලේ ප්‍රධාන මෙහෙයුම්‌ නිලධාරී සුරාත්‌ පෙරේරා මහතා කියා සිටියේ මෙරට සීනි ඉල්ලුමෙන්‌ විශාල ප්‍රමාණයක්‌ නිපදවීමට සැලසුම්‌ කර ඇති බවයි. නිෂ්පාදනය ඇරඹීමත්‌ සමග පවුල්‌ හාරදහසකට පමණ මෙයින් සෙත සැලසේ.

    Latest News