කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ

මැයි 17, 2020

    අත්හිටුවා තිබු කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබේ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොන්ත්‍රාත්කරුවන්ට පසු ගිය දා උපදෙස්‌ දුන්නේ ඉදිකිරීම් කඩිනමින්‌ අවසන්‌ කරන ලෙසයි.

    ගුවන්තොටුපොළේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක ඉදිකිරීම්‌ ක්‍රියාත්මක අතර ගුවන්තොටුපොළ පුළුල්‌ කිරීමේ අරමුණෙන්‌ ව්‍යාපෘති කිහිපයක්‌ ආරම්භ කර තිබේ. නව ගුවන්යානා අංගනයක්‌ ඉදිකිරීම එහි එක්‌ ව්‍යාපෘතියකි‌. ඒ සඳහා රුපියල්‌ කෝටි 445 කට අධික මුදලක්‌ වෙන්කර තිබේ. ඊට අමතරව කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තයක්‌ ද දිකෙරෙමින්‌ පවතියි. ඊට වෙන්කර ඇති මුදල රුපියල්‌ කෝටි 3,500 කට අධිකයි.

    Latest News