පොදු ප්‍රවාහන ගාස්තු පහළ දැමීමට පියවර-ඉරාන්

දෙසැ 24, 2018

    රජය මගින් ක්‍රියාත්මක කරන ඉන්ධන මිල සුත්‍රයට අනුව පහළ දැමූ ඉන්ධන මිලේ වාසිය ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය පියවර අද සිට ගනු ලබන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. 

    ඉන්ධන මිල පසුගිය සිකුරාදා සිට පහළ දමනු ලැබිණ. ඒ අනුව බස් සංගම් සහ සෙසු ප්‍රවාහන සංවිධාන සමඟ සාකච්ජා කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා අද වැඩ බාරගැනීමෙන් අනතුරුව කියා සිටියේය.

    බස් ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ජාවක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ දී පැවැත්වීමට නියමිතයි.

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News