අලියෙකු පහරදී ඇත්ගොව්වා මරයි (විඩියෝ)

දෙසැ 24, 2018
  • කරන්දෙණිය, බොරකන්ද ප්‍රදේශයේ දී අලියෙකු පහරදීමෙන් ඇත්ගොව්වෙකු මියයයි.

    අනතුර සිදුව ඇත්තේ, අද අලුයම් කාලයේදීය. කරන්දෙණිය, කොස්අතුමානාන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර සඳහා රැගෙන ආ අලියෙකු ඇත්ගොව්වාට පහරදී මරණයට පත්කර ඇති බව පොලිසිය පවසයි.

    මියගොස් ඇත්තේ වයස 45ක් වූ රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කලබලයට පත් අලියා මෙල්ල කිරීමට පශු වෛද්‍යවරුන්ට හා සෙසු ඇත්ගොව්වන්ට පැය 4ක පමණ කාලයක් ගතවිය. පෙරහැරට අලි ඇතුන් 12 දෙනෙකු සහභාගි වී ඇති අතර, කලබල වී ඇත්තේ ඉන් එක් අලියෙකු බව පොලිසිය පවසයි.

    ඇත්ගොව්වාගේ මෘත ශරීරය බලපිටිය මූලික රෝහලේ තබා ඇති අතර, පශ්චාත් මරණ පරීක්‍ෂණය අද දින සිදු කිරීමට නියමිතයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 24 දෙසැම්බර් 2018 13:31

    Latest News