බස් ගාස්තු 4%කින් අඩු කෙරේ (විඩියෝ)

දෙසැ 24, 2018
  • බස් ගාස්තු 4%කින් අඩු කිරීමට තීරණය කෙරේ.

    ඒ, බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර අද සවස පැවති සාකච්ජාවකින් අනතුරුවයි. ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 60ක් ව තිබූ අවම ගාස්තුව ඉන්ධන මිල අවම වීමත් සමඟ රුපියල් 50ක් දක්වා අඩු කර තිබේ.

    පාසල් ළමුන් ප්‍රවාහන සේවා සඳහා වන ගාස්තුව 3%කින් අඩු කිරීමට ද තීරණය කෙරිණ. ඉකුත් මාස දෙක තුළ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 32කින් අඩු කිරීමත් සමඟ රජය මේ තීරණයට එළඹිණ.

    ඉන්ධන මිල අඩු වීමේ සහනය ජනතාවට ලබාදීමේ අරමුණෙන් පොදු ප්‍රවාහන පහසුකම් සපයන සංවිධාන සමඟ කරනු ලැබූ සාකච්ජාවලින් අනතුරුව රජය මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගත්තේය. මේ යටතේ අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවේ. ලබන 26 වැනිදා සිට නව බස් ගාස්තු ක්‍රියාත්මකයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 24 දෙසැම්බර් 2018 20:32

    Latest News