දුම්රිය ස්ථානවල භාණ්ඩ පිරේ - නියාමකයින් බාර නොගනී

දෙසැ 24, 2018

    හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයෙන් භාණ්ඩ භාර නොගෙනිම හේතුවෙන් ජනතාව දැඩි අසිරුතාවයට පත්වී තිබේ.

    එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය සදහා භාරදෙන අතර, එම භාණ්ඩ දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමෙන් ඳුම්රිය දෙපාර්තුමේන්තුවට අමතර ආදායමක් ද ලබයි. හැටන් දුම්රිය ස්ථානයේ මිට දින කිහිපයකට ඉහත භාරගත් භාණ්ඩ රැසක් එම දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයේ ගොඩගසා තිබෙන අයුරු දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.

    එම භාණ්ඩවලින් විනාශ විමේ අවදානමකට ලක් විය හැකි භාණ්ඩ ආපසු රැගෙන යන ලෙසට එම භාණ්ඩ භාර දුන් සේවාදායකයින්ට දැනුම් දුන් බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේය. නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට දුම්රිය මගින් බලපත්‍රයක් සහිත නත්තල් ගස් සහ මල් ප්‍රවාහනය කරන අතර, දුම්රිය ස්ථානවල පාර්සල් අංශය මගින් භාණ්ඩ භාර නොගෙනිම නිසා නත්තල් සමයේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාරදෙන සේවාදායකයන්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.

    හැටන් දුම්රිය ස්ථානයෙන් පාර්සල් අංශයෙන් භාණ්ඩ භාර නොගෙනිම සම්බන්ධයෙන් අප හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය නියාමකයන් අතර ඇති රාජකාරි මට්ටමේ මත භේදයක් හේතුවෙන් දුම්රිය නියාමකයන්ට ලබාදෙන භාණ්ඩ බාර නොගෙනිම මෙම ගැටළුකාරි තත්ත්වය මතු වි ඇත. පවත්නා තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියළුම දුම්රිය ස්ථානවල මෙම ගැටළුකාරි තත්ත්වය පැන නැගි ඇති බවත්, එ තුලින් දුම්රිය දෙපාර්තුමේන්තුවට විශාල ආදායමක් අහිමි වි තිබේ.

    08

    03

     

    Last modified on සදුදා, 24 දෙසැම්බර් 2018 15:05

    Latest News