කෙසෙල්වත්තේ වැසියන් 378ක් නිරෝධායන අවසන් කරයි

මැයි 10, 2020

    කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිවිල් වැසියන් 378ක් තම නිරෝධාන කාලය අවසන්ව නිවෙස් වෙත පිටව ගිය බව ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කරයි.

    එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයින් හදුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ජිවත්වූ ජනතාව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකෙරිණ. ඒ යාපනය ආරක‍්ෂක සේනා මුලස්ථාන යටතේ පාලනය වන විඩත්තපෙලෙයි සහ අලිමංකඩ නිරෝධායන මධ්‍යස්ථාන වෙතයි.

    අනතුරුව සාර්ථකව නිරෝධානය කටයුතු අවසන් කල 378ක පිරිසක් ක්‍රමවත්ව පවත්වන ලද අවසන් වෛද්‍ය පරීක්ෂණයෙන් පසු නිරෝධායන සහතික ප්‍රදානය කරන ලදි.

    පොලිසියේ සහය ඇතිව වාහන 33 ක රථපෙලක් මගින් ඊයේ (09) ඔවුන්ගේ නිවෙස් වෙත ගමන් ගැනීමට ප්‍රවාහන පහසුකම්ද ඔවුන් හට ගමනාන්තයේදී පරිභෝජනයට ගැනීම සඳහා කෙටි ආහාර වේලක්, දිවා ආහාරය සහ පානීය ජල බෝතල් යුද්ධ හමුදා විසින් සපයන ලදි.

    Latest News