ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 272ක් දිවයිනට

මැයි 10, 2020

    මෙරටට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ රැදි සිටින තවත් පිරිසක් අද (10) අළුයම දිවයිනට පැමිණියේය.

    අද උදෑසන 6.12ට ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන විශේෂ ගුවන් යානයෙන් 272ක් වූ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

    මෙම ගුවන් යානයෙන් පැමිණි සියලු දෙනා මෙන්ම ඔවුන්ගේ ගමන් මලු ද ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජ හරණය කිරීමකට ලක් කෙරිණ.

    අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථ මගින් , මෙම ගුවන් මගීන් සියලු දෙනා , නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 08:47

    Latest News