විජයකලාට එරෙහි නඩුව 7 යළි විභාගයට

ඔක් 19, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් අදාළ පැමිණිල්ල ලබන 7 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

    පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය එහිදී අධිකරණයට දන්වා සිටියේ, සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයාට යොමු කර ඇති බවයි.

    ඒ අනූව, දෙසැම්බර් 7 වැනිදාට නීතිපතිවරයාගේ නිරීක්ෂණයට අදාළ ප්‍රගතිය වාර්තා කරන ලෙස අධිකරණය, පොලීසිය නියෝග කළේය.

    කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට යාපනයේ දී කළේ යැයි, කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත් අතර, පසුව ඇය ඇප මත මුදාහැරිණ.

    Latest News