චන්දිමාල් සුව අතට

ඔක් 19, 2018

    එංගලන්ත කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17දා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අවසානයේදී ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව කි‍්‍රකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

    චන්දිමාල් මෙම ආබාධය හේතුවෙන් තරගයෙන් පසුව පැවැති ජය සංකේත ප‍්‍රදානයට සහ මාධ්‍ය හමුවට සහභාගි වූයේද නැත.

    එදින රාත්‍රියේම චන්දිමාල්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදුන් බව මාධ්‍ය හමුවට සහභාගි වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පැවසීය.

    චන්දිමාල් සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔහු ඉදිරි තරගයට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා පවසයි.

    Latest News