මතුගම - වැලිපැන්න අධිවේගයේ ඉදිකිරීම් 80%කින් අවසන්

ඔක් 19, 2018

    සංවර්ධනය කෙරෙන මතුගම අලුත්ගම මාර්ගයේ මතුගම සිට අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම දක්වා කොටසෙහි ඉදිකිරීම් 80%ක් අවසන් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 2,000ක්. මාර්ග කොටසේ දුර කිලෝමීටර 9ක් වන අතර, එය කාපට් අතුරා සංවර්ධනය කෙරෙයි.

    වැලිපැන්න සහ කොහිලඇල පාලම්වල ඉදිකිරීම් ද අවසන් අදියරේ පවතින අතර එම පාලම් 2ට රජය වැය කරන මුදල රුපියල් මිලියන 190කි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමට පැමිණෙන වාහනවල තදබදය අවම කිරීම හා පහසුවෙන් ළගාවීම සඳහා මෙම මාර්ගය සංවර්ධනය කෙරෙයි.

    Latest News