මහකච්චකොඩිය ගම්මානයත් යළි විවෘතයි

මැයි 04, 2020

    කොරෝනා වෛරස ආසාදිතයෙකු හමුවීමත් සමග හුදකලා කෙරුණු වව්නියාව, මහකච්චකොඩිය ප්‍රදේශය ඊයේ පස්වරුවේ එම තත්වයෙන් ඉවත් කෙරිණ.

    අප වාර්තාකරු පවසන්නේ, ආසාදිතයාගේ බිරිඳ, දරුවා ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් 11 දෙනෙකු පීසීආර් පරීක්ෂණවලට යොමු කෙරුණු බවයි, එහි වාර්තා ලැබෙන තෙක් ඔවුන් වව්නියාව, පම්පමඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබීය.

    පසුව වාර්තා මගින් තහවුරු වූයේ ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි. ඒ අනූව, සතියක කාලයක් හුදකලා කර තිබූ මහකච්චකොඩිය ගම්මානය විවෘත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

    Last modified on සදුදා, 04 මැයි 2020 12:56

    Latest News