කොරෝනා සුව නාවික සෙබළෙක් IDH රෝහලින් පිටව යයි

මැයි 04, 2020

    කොරෝනා ආසාදිතව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

    ‍මෙම නාවික පුද්ගලයා අප්‍රේල් මස 22 වැනි දින සිට නිවාඩු මත සිටියදී අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් - 19 ආසාධනය වී ඇති බව හදුනා ගෙන ඇත.

    පසුව ඔහු ප්‍රථිකාර සඳහා එදිනම අයිඩීඑච් රෝහල වෙත යොමු කෙරිණ. අයිඩීඑච් රෝහලේ ප්‍රථිකාර ලබා දීමේදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණ තුනක ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුළ නොමැති බව තහවුරු වීම නිසා ඊයේ (03) රෝහලින් පිටත් කර හැරීමට කටයුතු කර තිබේ.

    අදාල නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගිය ද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර සිටී.

    Last modified on සදුදා, 04 මැයි 2020 16:13

    Latest News