විවෘත වූ ගම්මානවල ජනතාව දුරස්ථභාවය රකින්න

මැයි 04, 2020
    යළි විවෘත වූ ගම්මානවල ජනතාවගෙන් ශරීරික දුරස්ථභාවය තව දුරටත් ආරක්‍ෂා කර ගන්නා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    එම ගම්මානවල සිටි ඇතැම් අය වෙනත් ප්‍රදේශවලට යෑමේ තත්ත්වයක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් එවැනි ක්‍රියාවන්ට යොමු නොවන ලෙසත් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනූව කටයුතු කරන ලෙසත් එම ගම්මානවල ජනතාවගෙන් ඉල්ලා සිටින බව යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය. 
    කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන් හුදකලා (Lockdown) කරන ලද මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශ යළි විවෘත කිරීමට ඊයේ (03) පියවර ගැනුනි. 
    Last modified on සදුදා, 04 මැයි 2020 09:21

    Latest News