මරදානේ ගින්නකින් පුද්ගලයෙක් මරුට

මාර් 24, 2021

    මරදාන සංඝරාජ මාවතේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. ගෑස් ටැංකියක් පුපුරා යාම ඊට හේතුවයි.

    අද අලුයම 5.30ට පමණ අනතුර සිදුව ඇත. මියගියේ අවන්හලේ මුළුතැන්ගෙයි ආහාර සකසමින් සිටි පුද්ගලයෙක්. ඔහු බලපිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

    කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 5ක් යොදා ගනිමින් ගින්න මැඩපවත්වා තිබේ. වෙන කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.

    Latest News