කොටුවට - මරදානට හමුදා ආරක්ෂාව

සැප් 13, 2023
    කොළඹ කොටුව සහ මරාදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව සහ පොලීසිය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

     

    දුම්රිය ධාවන කටයුතු සඳහා එක්වන රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම මත මෙම පියවර ගත් බවයි, නියෝජ්ය සාමාන්යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ මහතා පවසන්නේ.
    දුම්රිය වැඩවර්ජනය අදත් ක්රියාත්මක අතර දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීම නිසා මගීන් දැඩි අපහසුතාවට ලක්ව තිබෙනවා.
    දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය, වැටුප් වර්ධක ගැටලුවක් මුල් කර ගනිමින් පසුගියදා (11) වර්ජනය ආරම්භ කළා.
    ඇතිවූ මගී තදබදය නිසා, දුම්රිය වහලය මත ගමන් කළ තරුණයෙකු හොරපේ දුම්රිය ස්ථානයේ දී ඇදවැටී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක්ද වාර්තා වුණා.
    මේ අතර, දුම්රිය අත්යවශ්ය සේවාවක් බවට පත් කරමින්, ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් ද ඊයේ (12) රාත්රී නිකුත් කරනු ලැබුවා.
    අදත් කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර 13 ක් අවලංගු කර තිබුණා.

    Latest News