කොරෝනා වසංගතයට ගෝලීය හා දේශීය වශයෙන් සාමූහිකව මුහුණ දිය යුතුයි - රනිල් වික්‍රමසිංහ

මැයි 01, 2020

    මෙවර මැයි දිනය සැමරීමට සිදුව තිබෙන්නේ, මුලු ලෝකයම පාහේ සමාජ දුරස්ථකරණයට ලක්වී තිබෙන අවස්ථාවක බව, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කොරෝනා වසංගතයට ගෝලීය හා දේශීය වශයෙන් සාමූහිකව මුහුණ දිය යුතුය. මෙහිදී වැඩකරන ජනතාව ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වන්නා සේම, කඩා වැටෙන ආර්ථිකය හමුවේ ද ඔවුන් ශක්ති සම්පන්න විය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ අවස්ථාවේ දේශපාලනික හා පුද්ගලික න්‍යාය පත්‍ර පසෙක දමා කොරෝනා සතුරාට එරෙහිව පොදු සටනකට එක්වන ලෙස තමා වැඩකරන ජනතාව ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව, රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් නිකුත් කළ ප්‍රකාශනයේ සඳහන්වේ.

    Latest News