2017 වසරේ දී සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් ඔලුවිල් ප්‍රදේශයේ දී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රාහරය සැලසුම් කළ සහරාන් හෂිම්ගේ අන්තවාදී පුහුණු පන්ති සඳහා සහභාගී වූ තරුණියක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

තවුහිද්‌ ජමාත්‌ සංවිධානයේ සහරාන්‌ හෂීම්ට ඉන්දියාවට පළායාම සඳහා හිටපු අමාත්‍යවරයෙකුගේ සොහොයුරෙකු වූ රිෆ්ඛාන්‌ බදියුදීන්‌ සහය දැක්වූ බවට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියෙකු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ කොම්සම හමුවේ ඊයේ යළි තහවුරු කළා.

වනාතවිල්ලුව, කාරතිව්‌ අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුවක්‌ ලබා දී ඇති බවට හෙළි වීමත්‌ සමග අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුව නව මුහුණුවරකින්‌ පරීක්ෂණ අරඹා තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් නම් ම්ලේච්ඡ ත්‍රස්තවාදියා සමඟ තමන් කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (19) පැවති ජනහමුවක් අමතමිනි.

Latest News