මැනිං වෙළෙඳපොළ 29 සිට යළි විවෘතයි

අප්‍රේ 27, 2020

    කොළඹ - මැනිං වෙළෙඳපොළ අනිද්දා (29) සිට තොග වෙළෙඳ කටයුතු සඳහා පමණක් යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව මැනිං පොදු වෙළෙඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා සඳහන් කරයි.

    ඒ අනූව ඉරු දින හැර සතියේ සෑම දිනකම අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබේ.
    සෑම ඉරිදා දිනකදීම වෙළෙඳපොළ විෂබීජානුහරණයට ලක් කිරීමට ද කටයුතු යොදා තිබේ. මැනිං වෙළෙඳපොළ වෙත පැමිණීමේ දී සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙස උප සභාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

    Latest News