පෑලියගොඩ මැනිං වෙළදපොල ලබන සදුදා සිට විවෘත කරන බව මැනිං වෙළද සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා පවසයි.

ජුනි 04 සහ 05 යන දෙදින රට පුරා ඇඳිරි නීතිය පැණවෙන බැවින් එදින කොළඹ මැනිං වෙළෙඳපල වසා තැබෙන බව එහි පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා පවසයි.

හෙට සිට යළි තොග වෙළඳාම සඳහා මැනිං පොදු වෙළඳපොළ විවෘත කරන බව මැනිං පොදු වෙළඳ සංගමය සඳහන් කරයි.

විෂබීජානුහරණය සඳහා ඊයේ දිනයේ වසා තැබුණු කොළඹ - මැනිං පොදු වෙළදපොළ අද යළි තොග වෙළඳාම සදහා විවෘත කෙරිණ.

කොළඹ - මැනිං වෙළෙඳපොළ අනිද්දා (29) සිට තොග වෙළෙඳ කටයුතු සඳහා පමණක් යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව මැනිං පොදු වෙළෙඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ සහ වැලිසර මධ්‍යස්ථාන දිවා කාලයේ ද විවෘත කර තැබීමට තීන්දු කෙරේ.

කොළඹ, කොටුව මැනිං වෙළඳපොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය කල් දමා තිබේ.

කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය විෂබීජානුහරණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (27) සිදු කළේය.

Latest News