04 - 05 දිනවල මැනිං වෙළෙඳපල වැසෙයි

ජූනි 02, 2020

    ජුනි 04 සහ 05 යන දෙදින රට පුරා ඇඳිරි නීතිය පැණවෙන බැවින් එදින කොළඹ මැනිං වෙළෙඳපල වසා තැබෙන බව එහි පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා පවසයි.

    එම දින දෙකෙන් එක් දිනයක මැනිං වෙළදපලේ විෂබීජහරණ කටයුතු සිදුකෙරෙනු ඇත.

    ගෙවී ගිය සති කිහිපය තුල විෂබීජහරණය වෙනුවෙන් වෙළඳපල ඉරිදා දින වසා තැබුවද මේ සතියේදී ඉරිදා දින මැනිං වෙළඳපල විවෘතව තබන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    Latest News