කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්

අප්‍රේ 25, 2020

    කුවේටයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීමට දී ඇති කාලය මැයි 30 දක්වා දීර්ඝ කරන්නැයි ශ්‍රී ලංකාව කුවේට් රාජ්‍යයෙන් ඉල්ලා තිබේ.

    අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන මහතා පසුගියදා සිය අමාත්‍යාංශයේදී මෙරට කුවේට්‌ තානාපති කලාෆ්‌ දහයිර් මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත. කුවේටයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ලබාදී තිබූ පොදු සමා කාලය සම්බන්ධයෙන්‌ යළි සළකා බලන්නැයි මෙහිදී ඉල්ලා සිටි බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාරයාංශය අද නිකුත්‌ කළ නිවේදනයේ සඳහන්‌ වන්නේ. එම පොදු සමා කාලය අද අවසන්‌ වීමට නියමිතව තිබිණ. මෙම ශ්‍රමිකයන්ට අවශ්‍ය ආහාර හා නවාතැන්‌ පහසුකම් ලබාදීමටද එරට රජය පියවර ගෙන තිබේ. විදේශ ස්වා නියුක්ති කාර්යාංශය මොවුන්‌ සම්බන්ධව සම්බන්ධීකරණය සිදු කරයි.

    Latest News