ශ්‍රීලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි 15 දක්වා දීර්ඝ කෙරේ

අප්‍රේ 25, 2020

    ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

    කෙසේ වෙතත්, රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය සම්පත්, උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

    එසේම විශේෂ මගී ගුවන් ගමන් ද ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ.

    මේ පි‍ළිබඳ වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන්, සහ ළඟම ඇති ශ්‍රී ලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.

    එසේම වැඩි විස්තර සඳහා www.srilankan.com වෙබ් අඩවිය හැක.

    Latest News