අද සහ හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අප්‍රේ 25, 2020

    අද(25) සහ හෙට(26) යන දෙදින තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

    කොරෝනා වෛරස්‌ ව්‍යාප්තියේ අධි අවදානම්‌ කලාප ලෙස හඳුනාගෙන ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක සහ මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව යන පොලිස් බල ප්‍රදේශයි. එමෙ ප්‍රදේශවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරිනීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ, ජනතා යහපත ලවෙනුවෙනි. එබැවින් ඇඳිරිනීතිය පැනවීම නිසා ඇති වූ දුෂ්කරතා අවබෝධයෙන්‌ සහ වගකීමෙන්‌ යුතුව ඉවසා සිටින ලෙසයි, රජය ජනතාවගෙන්‌ රජය ඉල්ලා සිටින්නේ. ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන්‌ මීට පෙර ප්‍රකාශයට පත්‌ කළ කොන්දේසි සහ උපදෙස් එළෙසම පවතින බවයි පොලිස්‌ මූලස්ථානය පවසන්නේ.

    Latest News