සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක පරිත්‍යාගයක්

අප්‍රේ 25, 2020

    මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ලත් සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම ඊයේ දින (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

    එංගලන්ත මව් සමාගමක ශ්‍රී ලංකාවේ ආයතනයක් වන LMG pharmaceutical Private Limited ආයතනය විසින් මෙම පරිත්‍යාගය සිදු කර ලද අතර, එහි ප්‍රධාන අලෙවි කළමණාකරු ධම්මික බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම පරිත්‍යාගය ලබාදෙන ලදි. සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් එම ප්‍රදානය අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ COVID-19 ප්‍රතිකාර සේවාවන් වලදී සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා භාවිතා කිරීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා වෙත ලබාදෙන ලදි.

    මෙම සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන්වල ඇති විශේෂත්වය නම් මෙය කාඩ්බෝඩ් වලින් නිමවා ඇති බැවින් පරිසර හිතකාමී වේ. ශක්තිමත්භාවයෙන් යුක්ත වන අතර ජෛව මැට් එකකින්(BIO MATT) ද යුක්ත වේ. සායනික අපද්‍රව්‍ය මෙම කසල බදුන තුලට දැමූ පසු බදුනේ පාදයේ ඇති BIO MATT ඒක නිසා අපද්‍රව්‍ය ඡෙල් බවට පත්වන අතර, ජල ආරක්ෂිත ආලේපනය නිසා කිසිදු අයුරකින් කාන්දුවක් සිදු නොවන බැවින් විෂබීජ පිටතල ගලා නොයයි. මෙය සෞඛ්‍ය ආරක්ෂිතව කසල බැහැර කළ හැකි කසල බදුනක් වේ. මෙම කසල බදුන්වල ධාරිතාවය ලීටර 1, ලීටර 02, ලීටර 05 සහ 30 ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ.

    මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධීකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා ද එක්ව සිටියහ.

    Latest News