ඉල්ලුමට සරිලන කහකුඩු..වගාකරුවන් කියයි

අප්‍රේ 22, 2020

    ශ්‍රී ලංකාවට ඉදිරියේ දී අවශ්‍ය කහ හිඟයකින් තොරව ලබා දිය හැකි බව මිනුවන්ගොඩ,වටිනාපහ ප්‍රදේශයේ කුළුබඩු වගාකරුවන් පවසයි. ඔවුන් කහ,ඉඟුරු ආදී වගාවන් සිදු කරමින් සිටින්නේ, වසර 20කට පමණ පෙර සිටයි.

    මේ දිනවල වෙළෙඳපොළේ කහ හිඟයකින් පවතින අතර, ඇතැම් ස්ථානවල කහ කුඩු කිලෝවක් රුපියල් 3,000 දක්වා වූ මිලකට අලෙවි කෙරුණු බව ද වාර්තා වෙයි. රජය ඊට පාලන මිලක් නියම කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ සිට කහ ආනයනය නතර කිරීම එහි හිඟයක් ඇති වීමට හේතුවයි.

    තත්වය කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ කහ,ඉන්දියාවේ කහ වලට වඩා ඉහළ ප්‍රමිතියකින් යුක්ත බව මිනුවන්ගොඩ වටිනාපහ ප්‍රදේශයේ කුළුබඩු වගාකරුවන් පවසයි. රටට අවශ්‍ය කහ තමන්ට ලබාදිය හැකි බව ද ඔවුන් කියා සිටියි.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 10:14

    Latest News