ඉන්දියාවේ සිසුන් ගෙන්වා ගැනීමේ විශේෂ ගුවන් යානය පිටව යයි

අප්‍රේ 21, 2020

    ඉන්දියාව, පකිස්ථානය සහ නේපාලය තුළ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කර තිබේ.

    අද දින (21) ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර් සහපාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    COVID 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමගපනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 443 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

    විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩසටහනේ කොටසක් ලෙස මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදු කෙරේ.

    වසංගතයේ මුල් දිනවල වුහාන් හි සිරවී සිටි සිසුන් පිරිසක් ද ඇතුළුව රටවල් කිහිපයක අතරමංව සිටින බැතිමතුන් සහ සිසුන් දිවයිනට ගෙන ඒම සඳහා ගුවන් සමාගම මීට පෙර ද එවැනි ගුවන් ගමන් කිහිපයක් ක්රි යාත්මක කළේය. ඒ අනුව අප්රේ ල් මස 21 වන දින ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණීමට නියමිතය.

    අප්‍රේල් මස 23 වන දින තවත් මගීන් 101 ක් යූඑල් 146 ගුවන් යානයෙන් අමරිට්සර් සිට ආපසු මෙරටට පැමිණීමට නියමිතව සිටියි. තවත් විශේෂ ගුවන් ගමන් දෙකක්, එනම් අප්‍රේල් මස 24 වන දින, යූඑල් 194 ගුවන් යානයෙන් කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක් සහ යූඑල් 1425දරන ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් මගීන් 93 ක් ආපසු රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

    මෙම ප්‍රාන්තවල ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල විසින් මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇත. මෙලෙස ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසු අවශ්‍ය ක්‍රියා පටිපාටිය සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ත්‍රවිධ හමුදාව සහ වෙනත් අදාළ ආයතනවල භාර දෙනු ලැබේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 12:37

    Latest News