නිරෝධායනය අවසන් තවත් 11ක් බූස්සෙන් පිටව යයි

අප්‍රේ 16, 2020

    සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කරන ලද බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද (16) පිටත්ව ගියේය.

    සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙක් මීට අයත්. සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම PCR පරීක්‍ෂණයකට භාජනය කිරීමට කටයුතු කරන ලදි.

    නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතික ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ විධායක නිලධාරී විසින් ලබා දීම සිදු කෙරිණ.

    මේ වන විට පුද්ගලයින් 68 දෙනෙකු නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලාංකික පුද්ගලයින් 31 ක් තවමත් එම ස්ථානයේ පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 16:28

    Latest News