නිරිතදිග කොටසේ වැසි සහ සුළං

අගෝ 13, 2019

    දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දකුණු පළාතේ සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වාද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වාද, උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වා ද ක්ෂණිකව ඉහළයාමේ හැකියාවක් පවතියි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකියි.

    මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකියි. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 07:28

    Latest News