කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රීරෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කරන ලදැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පාසල් ළමුන් 51 දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැහැරගත් එහි රියදුරු ඉතාලියේ මිලාන් නගරයේ දී ඊට ගිනිතබා තිබේ.

අම්බලන්තොට ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන රථවාහන 10ක් සඳහා තහනම් නියෝග නිකුත් කිරීමට අම්බලන්තොට පොලිස් රථවාහන අංශය අද ක්‍රියා කළේය.

Latest News