ලොව පුරා කොරෝනා මරණ 119,701ක්

අප්‍රේ 14, 2020

    ලොව පුරා මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 1,925,190ක් බවට පත්ව තිබේ.

    මේ වන විට ලොව පුරා පුද්ගලයින් 119,701 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.එය 26,448 ක්.

    ඊයේ (13) දිනයේ ද අමෙරිකාවෙන් පුද්ගල මරණ 1513 ක් වාර්තා වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඉතාලිය තුළ ද මේ වන විට මරණ 20,465 ක් සිදුව තිබේ. පුද්ගලයින් එක් ලක්ෂ 59,516 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ. ලොව දෙවන වරට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. එම සංඛ්‍යාව එක් ලක්ෂ 70,099 ක්.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 10:10

    Latest News