පා.ම රන්ජන් කටහඩ පරීක්ෂාවට රස පරීක්ෂක හමුවට (වීඩියෝ)

පෙබ 07, 2020
  • බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක මහතා කටහඩ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා හමුවට අද ඉදිරිපත් කෙරිණ.

    බන්ධනාගාරයේ සිට පෙරවරු 10.30ට පමණ ඔහු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ බවයි, අප වාර්තාකරු සඳහන් කළේ. හඩපටවලට අදාළ රාමනායක මහතාගේ කටහඩ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච් යූ කේ පැල්පොල මහතා පසුගියදා නියෝග කළේය. පරීක්ෂණවලට සහභාගී වීමෙන් අනතුරුව රාමනායක මහතා දහවල් 12.00ට පමණ යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 20:26

    Latest News