තෙල් ටැංකියකින් ඇඳවැටී කොළොන්නාවේ සේවකයෙක් මරුට

අප්‍රේ 14, 2020

    කොළොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙක් අද (14) උදෑසන 7.20ට පමණ තෙල් ටැංකියක ධාරිතාව පරීක්ෂා කිරීමට යෑමේදී සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබේ.

    මෙම සේවකයා තෙල් ටැංකියක ධාරිතාව පරීක්ෂා කිරීමට යෑමේදී බිමට ඇද වැටී ඇති තිබේ. අනතුරුව තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

    මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වූ කටුගොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 13:26

    Latest News