පසුගිය ඉරිදායින් ආරම්භ වූ ශුද්ධ වූ සතියේ සුවිශේෂී දිනයක් ලෙසයි අද දිනය සැලකෙන්නේ ජේසුස් වහන්සේ කුරුසයක් මත ඇණ ගසා මරණයට පත් කෙරුණේ, කල්වාරි කන්දේදියි. කිතුණු බැතිමතුන් තම නිවසේ සිට එම දුක් ප්රාප්ති අවස්ථාව සිහිපත් කරයි. රෝමයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දී මහ සිකුරාදා විශේෂ දේව මෙහෙය පැවැත්වෙන්නේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
යේසුස් ක්‍රිස්තූන් වහන්සේ ජෙරුසලමට ජයග්‍රාහීව පැමිණීම සිහිපත් කරමින්, ශුද්ධ වූ සතිය, පසුගිය ඉරිදායින් ආරම්භ කෙරිණ. කිතු සමිඳුන් පාවාදීම සිහි කෙරෙන මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව සදහා කිතුනු බැතිමතුන් තම නිවසේ සිටම එයට සහභාගී විය.
ඒ ක්‍රිස්තූන් වහන්සේ ගෝලයන් දෙළොස්දෙනාගේ පා දෝවනය කරමින්, අවසන් රාත්‍රී භෝජනයට එක් වූ අවස්ථාව සිහිපත් කරමින්.
ක්‍රිස්තූන් වහන්සේ සිය ජීවිතය පූජා කිරීමෙන් අනතුරුව, උන් වහන්සේගේ සිරුර කිසිවෙකු තැන්පත් නොකරන ලද ගල්ගුහාවක තැන්පත් කරනු ලැබීය. දින තුනකට පසු එනම් ඉරු දින උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටීම හෙවත් උත්ථානයවීම කිතුණු බැතිමතුන් උත්සවශ්රයෙන් සමරයි.