මහ සිකුරාදා දිනය අදයි

අප්‍රේ 15, 2022

    ලොවපුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ මරණය සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදයි. පසුගිය ඉරිදායින් ආරම්භ වූ ශුද්ද වූ සතියේ සුවිශේෂී දිනයක් ලෙසයි, අද සැළකෙන්නේ.

    ජේසුස් වහන්සේ කුරුසයක් මත ඇණ ගසා මරණයට පත් කරනු ලැබුවේ කල්වාරි කන්දේදී. ක්‍රිස්තූන් වහන්සේ සිය ජීවිතය පූජා කිරීමෙන් අනතුරුව උන් වහන්සේ සිරුර ගල්ගුහාවක තැන්පත් කරනු ලැබීය. කිතුනු බැතිමතුන් මහා සිකුරාදා දිනයේ දේවස්ථානවලට පැමිණ එම දුක් ප්‍රාප්ති අවස්ථා සිහිපත් කරයි.

    රෝමයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී මහ සිකුරාදා විශේෂ දේව මෙහෙය පැවැත්වෙන්නේ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

    ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ ජෙරුසලමට ජයග්‍රාහීව පැමිණීම සිහිපත් කරමින් ශුද්ධ වූ සතිය පසුගිය ඉරිදා ආරම්භ කෙරිණ. කිතු සමිදුන්ට ප්‍රතිවිරුද්ධ පාර්ශව සඳහා පාවාදීම සිහිපත් කෙරෙන මහ බ්‍රහස්පතින්දා දිනය ඊයේ දිනට යෙදී තිබිණ.

    Latest News