කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වැසේ

අප්‍රේ 10, 2020

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා තිබේ.

    ඒ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙක් ඇතුලත් වීම හේතුවෙන්. වෙනත් රෝගී තත්ත්වයක් ඇති බව පවසා ඊයේ (09) පස්වරුවේ එම පුද්ගලයා රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.
    ඔහු කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහුට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ති‍බේ. ඒ අනුව, රෝගියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත බවට සැකසහිත රෝගීන් රඳවා සිටින ඒකකය වෙත මාරු කර යැවිමට පියවර ගත් බව අධ්‍යක්ෂවරයා පැවසුවේය. එම රෝගියාට නිරාවරණය වූ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු එම ඒකකයෙන් ඉවත් කිරීමට ද සිදුවූ බවයි, ඔහු පවසන්නේ.

    වෙනත් ඒකකයක් හරහා රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් සරත් වීරබණ්ඩාර මහතා පවසයි.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 08:24

    Latest News