දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද, හෙට සහ අනිද්දා වැසේ

අප්‍රේ 05, 2020

    දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද (05), හෙට (06) සහ අනිද්දා (07) යන දින තුළ වසා තැබීමට තීරණය කර තිබේ.

    දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් මත නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සිසිර විතානගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් එම මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කළ බවයි, වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කළේ.

    ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අලෙවි කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

    Last modified on ඉරිදා, 05 අප්‍රේල් 2020 15:14

    Latest News