280ක් අද නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත

අප්‍රේ 05, 2020

    දින 14ක නිරෝධායනට අවසන් කළ 280ක පමණ පිරිසක් අද(05) නිවෙස් බලා පිටත් කර හැරෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.

    යාපනය සහ කුණ්ඩසාලේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 2කින් මෙම පිරිස අද පිටත් වේ. ඒ අනුව අද වන විට 2890ක පමණ පිරිසක් නිරෝධායන අවසන් කර නිවෙස් බලා පිටත් කර ඇත.

    මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 37ක්, ගුවන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 2ක් සහ නාවික හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 1ක් ඇතුළුව සම්පූර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 40ක් ක්‍රියාත්මක වේ.

    Latest News