මෙරට 5වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

අප්‍රේ 04, 2020

    කොරෝනා ආසාදිතව වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මොහු ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයෙකි. මාර්තු 23 වැනිදා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර මාර්තු 26 වැනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. 44 හැවිරිදි  ඔහු වෙනත් අසනීප තත්වයකින් පෙලී නැති අතර නිව්මෝනියා තත්වයෙන් මියගොස් ඇති බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    ඒ අනුව මෙරට මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඊයේ රාත්‍රී වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 159 ක් වාර්තා විය.සුවය ලබා රෝහ‍ල්වලින් පිටව ගිය සංඛ්‍යාව 24ක්.

    තවත් රෝගීන් 131 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

    නව කොරෝනා වෛරසය අසාධනය වුවන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරික්ෂණයන් සංඛ්‍යාත්මකව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මෙතෙක් හඳුනා ගෙන ඇති අසාධිතයන් ගැවැසි ඇති ස්ථාන හා ඔවුන් ඇසුරුකළ පුද්ගලයින් කඩිනම් වෛද්‍ය පරික්ෂණයන් සඳහා යොමු කිරිමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 08:44

    Latest News