4කට එකවර කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටරය (වීඩියෝ)

අප්‍රේ 02, 2020
  • මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒ්කකයේ හෙද නිලධාරි බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් එකවර රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ.

    එම යන්ත්‍රය අද (02) අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හදුන්වා දී ඇත.

    රුපියල් ලක්ෂ 40 ක් පමණ වන මෙම කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර ශ්‍රී ලංකාව තුළ 500 ක පමණ ප්‍රමාණයක් තිබුනත් කොරෝනා රෝගීන් සඳහා ඒවායින් ප්‍රයෝජනයට ගත හැකි වන්නේ යන්ත්‍ර 300 ක් වැනි ප්‍රමාණයකි.

    ඔහුගේ නව නිර්මාණය අනුව එක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයකින් රෝගීන්ට විෂබීජ පැතිර නොයන පරිදි රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය එකවර ලබාදිය හැකි බැවින් දැනට රෝහල්වල තිබෙන 500 ක් වන කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර සංඛ්‍යාවෙන් ලබාදෙන සේවාව 2000 දක්වා ඉහළ නැංවිය හැකි බව ද පෙන්වා දෙයි.

    ඒම නිසා හදිසි තත්වයකදී මෙම ක්‍රමවේදය මගින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට විශාල පහසුවක් වේ.

    මෙම නව නිර්මාණය නිසා රජයට විශාල මුදලක් ඉතිරි වන බවද බිහාන් හපුතන්ත්‍රී මහතා අමාත්‍යවරියට පැහැදිලි කලේය.

    මෙම අවස්ථාවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 13:09

    Latest News