සියලු විහාරස්ථාන වෙත ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

අප්‍රේ 01, 2020

    අද සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7.00 සිට 8.00 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පිංකම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය නිවේදනයක් නිකුත් කරමින් සියළු විහාරස්ථානවලින් ඉල්ලීමක් කර තිබේ.

    රාති‍්‍ර 7.00 ට ඝණ්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් සැදැහැවතුන් පන්සිල් සමාදන් කරවීමටත් පසුව බුද්ධ වන්දනාව සිදු කිරීමටත් කටයුතු කරන ලෙසයි මෙමගින් උපදෙස් දී ඇත්තේ.

    රතන සූත‍්‍රය සහ ගිරිමානන්ද සූත‍්‍රය ඇතුළුව පිරිත් සජ්ඡායනා කර පසුව රාති‍්‍ර 7.55 සිට ලෝවාසී සියළු දෙනාට නිරෝගී සුව ප‍්‍රාර්ථනා කරමින් සත්‍යකි‍්‍රයාවක් සිදුකරන ලෙසද මෙමගින් යෝජනා කර තිබේ.

    Latest News