මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 143ක් වෙයි

අප්‍රේ 01, 2020

    මෙරටින් වාර්තා වන COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ(31) රාත්‍රී 11.20 වන විට වාර්තා වූ නව ආසාදිතයා සමඟයි. ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයින් 21ක් වාර්තා වී ඇත. මෙය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස සැළකේ.

    කෙසේවෙතත් ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 124 දෙනෙකු අයි.ඩී.එච් රෝහලේ ඇතුලු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පල කරන තවත් රෝගීන් 173 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 02කි.

    Last modified on ඉරිදා, 05 අප්‍රේල් 2020 15:26

    Latest News