විදෙස් ගතව පැමිණි අයට ලියාපදිංචියට දුන් සහන කාලය අදින් අවසන්

අප්‍රේ 01, 2020

    විදෙස්ගතව සිට ඉකුත් මාර්තු 16 වැනිදාත් මාර්තු 19 වැනිදාත් අතර කාලයේදී ශී‍්‍ර ලංකාවට පැමිණි සියලූදෙනා නිරෝධායනය සඳහා පොලිසියේ ලියාපදිංචි විය යුතු බවට මේ වන විට නිවේදන කිර තිබේ.

    මෙම ලියාපදිංචිය සඳහා ලබා දුන් සහන කාලය අද (01) දහවල් 12 ට අවසන් වේ.

    මේ වනවිටත් රෝගය පැතිර යාම වළක්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇතැම් පුද්ගලයින්ගේ වෛද්‍ය උපදෙස් ගරු නොකර වගකීම් විරහිතව, හැසිරීම නිසා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    ඇතැම් පුද්ගලයින් තවදුරටත් නිරෝධායනය මග හරිමින් සිටින බව ද හදුනාගෙන තිබෙන අතර නිරෝධායනය සඳහා ලියාපදිංචි නොවුණහොත් එවැන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

    Latest News